ගෝඨාභය සහ නිදහස් පක්ෂ ප්‍රධානීන් අතර හමුවක්

Thursday, 03 October 2019 - 7:29

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා.

කොළඹ පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න ද එක්ව සිටි බවයි වාර්තාවන්නේ.

දෙපාර්ශවය අතර සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වෙන බවද සාකච්ඡාවට එක්වූ මන්ත්‍රීවරයෙකු සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ තරග කරන පක්ෂයේ ලකුණ වෙනස් කරන්නේ නම් නීතිමය ගැටළුවක් පැනනැගිය හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙණේ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.