එජාපයේ විශේෂ සම්මේලනය අද

Thursday, 03 October 2019 - 7:31

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් අද පැවැත්වෙනවා.

ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි. උදෑසන 9.30 ට මෙම සම්මේලනය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බවයි පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙහිදි පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වයද සම්මත කරගැනීමට නියමිතයි.