ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම අද යළිත්

Thursday, 03 October 2019 - 7:32

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙරට පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අද පස්වරු 1.30 ට යළි සළකා බැලෙනවා.

අදාළ පෙත්සම පිළිබඳ පැමිණිලිකාර පාර්ශවයේ නීතීඥයින් ඊයේ අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සහතික කිරීමේ ලියවිල්ලට අත්සන් තැබීමේ හැකියාව එවකට විධායක ජනාධිපතිවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂට පැවති බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණය හමුවේ කියා සිටියා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශ ගතවීම සඳහා දැනට අධිකරණය භාරයේ පවතින සිය විදෙස් ගමන් බලපත්‍රය මුදාහරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ මෝසම කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද සලකා බැලෙනවා.