මැතිවරණ කොමිසම පොලීසිය සූදානම් කරයි

Thursday, 03 October 2019 - 7:36

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයට අදාළව දැනට ප්‍රදර්ශනය කර තිබෙන ප්‍රචාරක පුවරු ස්වෙච්ඡාවෙන් ඉවත් කර නොගන්නේ නම් මේ මස 07 වැනිදා නාම යෝජනා කාලසීමාව අවසන්වීමත් සමඟ ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව, පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින්, මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිස් දෙපාර්තමේන්තුව අතර රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ පැවති සාකච්ඡාවේදීයි.

එම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂිත දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහ ඇප තැන්පත් කරන ලද නියෝජිතයින් මෙන්ම වැඩබලන පොලිස්පතිවරයා, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුලු තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 10 කින්, ස්වාධීන කණ්ඩායම් 9 කින් සහ ලියාපදිංචි නොවූ දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ඇප තැන්පත් කර තිබෙනවා.