දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

Thursday, 03 October 2019 - 8:06

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ත් 100 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.