උමා ඔය ප්‍රධාන උමං මාර්ගයේ කැණීම් අවසන්

Thursday, 03 October 2019 - 8:09

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B8%E0%B6%82+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාවේ දිගම උමං මාර්ගය ලෙස සැළකෙන උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයේ කැණීම් කටයුතු ඊයේ පස්වරුවේ සම්පූර්ණයෙන්ම අවසන් කෙරුණා.

කිලෝමීටර 15 යි මීටර 400 ක දිගින් යුත් මෙම උමං මාර්ගයේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණේ 2012 වර්ෂයේදියි. ඒ, බණ්ඩාරවෙල - පුහුල්පොල - ඇත්දලපිටිය සහ වැලිමඩ - කරදපොල ප්‍රදේශවලින්.

මෙම ස්ථානවලින් ඇරඹි උමං මාර්ගයේ කැණීම් කටයුතු ඊයේ පස්වරුවේ එකිනෙකට සම්බන්ධ වූ බවයි ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරු සුනිල් ද සිල්වා කියා සිටියේ.