ඉංගිරියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අපරාධ රැසක තොරතුරු හෙළි වේ

Thursday, 03 October 2019 - 8:51

%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමඟ පසුගිය මස 24 වනදා ඉංගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී අපරාධ රැසක තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඉංගිරිය ප්‍රදේශයේ වෙළඳසැලකට ඇතුලුවී අවි පෙන්වා බියගන්වමින් රන් භාණ්ඩ කොල්ලකෑම, කිරිඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත්කර රන් භාණ්ඩ කොල්ලකෑම සහ අවිස්සාවේල්ල බැංකුවට ඇතුලුවී මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන්ට මොවුන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

සැකකරුවන් කොල්ලකෑ රත්‍රංවලින් පවුම් 17 කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් මේ වනවිට පොලිසිය සොයාගෙන ඇති අතර, ඒවා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.