ගෝඨාභයට විදෙස් ගතවීමට අවසර

Thursday, 03 October 2019 - 10:00

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
දැනට අධිකරණ භාරයේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශ ගතවීමට දැනට අධිකරණය භාරයේ පවතින සිය විදෙස් ගමන් බලපත්‍රය මුදාහරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෝසමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය ලබාදෙමින්.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා මේ මස 9 වනදා සිට 12 වනදා දක්වා විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙසද ගෝඨාභය රාජපක්ෂ සිය මෝසම මගින් ඉල්ලා තිබුණා.