හබරණ අලි මියයාම ගැන රස පරීක්ෂක වාර්තාව ලබන සතියේ

Thursday, 03 October 2019 - 12:22

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ආන්දෝලනයට තුඩුදුන් හබරණ - හිරිවඩුන්න - තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් හයදෙනෙකු සහ වන අලියෙකු අස්වාභාවික ලෙස මියයාමේ සිද්ධියේ රස පරීක්ෂක වාර්තාව ලබන සතියේදී අධිකරණයට ලබාදෙන බව රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංග  ප්‍රකාශ කළා.  

මියගිය වන අලින්ගේ සිරුරු කොටස්වල සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත්තේ ඊයේ දිනයේයි.

එදිනම එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, කඩිනමින් වාර්තාව සකස් කර අධිකරණයට ලබාදීමට කටයුතු කරන බවයි රජයේ රස පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සමස්ත සමාජයේම අවධානය යොමුව ඇති නිසා පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරිය යුතු බවයි පරිසර යුක්ති කේන්ද්‍රය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

තුම්බිකුලම රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් 6 දෙනාගේ සහ වන අලියෙකු සිරුරු සොයාගැනීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය 27 වනදා සිටයි.