අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර හයවනදා සාකච්ඡාවක්

Thursday, 03 October 2019 - 12:34

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරන අපේක්ෂකයන්ගේ නියෝජිතයන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අතර සාකච්ජාවක් මේ මස 06 වනදා පැවැත්වෙනවා.

එම සාකච්ජාව සඳහා පොලිසියේ ජේ්‍යෂ්ඨ නිලධාරීන්ට ද එක්වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මෙම සාකච්ජාවේදී නාම යෝජනා දින ආරක්ෂාව, මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණිය හැකි පක්ෂයක නියෝජිතයින් සංඛ්‍යාව සහ දැන්වීම් ප්‍රචාරය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතයි.

ජනාධිපතිවරණයට අදාලව ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය මේ මස 06 වනදා මධ්‍යහම 12ට අවසන් වීමට නියමිතයි. එමෙන්ම ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම මේ මස 07 වනදා සිදු කෙරෙනවා.

නොවැම්බර් 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයන් 21 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද දිනයේ ජන පෙරමුණ වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගන්නා ලබන සඳුදා කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාශ 3 ක සියලූ පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ, මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණෙන දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ ඔවුන්ගේ රථවාහන හේතුවෙන් පාසල් අවට මාර්ග අවහිර වීම පිළිබඳව සළකා බලමින්.

මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේද පාසල් 3 ක් වසා තබන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ සහ මැද කොළඹ කොට්ඨාශවල සියලූම පාසල්ද ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධීපති විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ද එදිනට වසා තැබෙනවා.