නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ හයදෙනෙකු අත්අඩංගුවට

Thursday, 03 October 2019 - 13:32

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හලාවත මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම ධීවර හා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැටලීම් ඒකකය, වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් සහ පොලීසිය එක්ව එම මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොවුන් සමඟ යාත්‍රා 3 ක් සහ මත්ස්‍ය කිලෝ 100 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.