ගෝඨාභය රාජපක්ෂට එරෙහි පුරවැසි පෙත්සමට අදාළව වගඋත්තරකාර පාර්ශවය කරුණු දැක්වීම අරඹයි

Thursday, 03 October 2019 - 15:15

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85%E0%B7%80+%E0%B7%80%E0%B6%9C%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙරට පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් මේ වනවිට කරුණු දැක්වීම ආරම්භ වී තිබෙනවා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා මේ වනවිට කරුණු දක්වමින් සිටින බවයි.

අභියාචනාධිකරණයේ සභාපති යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි අද පෙත්සමේ වැඩිදුර විභාගය සිදු කෙරෙන්නේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ගෝඨාභය රාජපක්ෂට අමතරව, ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, විපක්ෂ නායකවරයා, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර සිටිනවා.