ජනාධිපතිවරණය වළක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Thursday, 03 October 2019 - 16:42

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරණයක් කැඳවීම නීත්‍යානුකූල නොවන බැවින්, ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ගාල්ල හිටපු නගරාධිපතිවරයා මෙන්ම, ගාල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක මෙත්සිරි ද සිල්වා මෙම නඩුව ගොනුකර ඇති අතර, එමගින් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ 7 වැනිදා ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීම ද අත්හිටුවන ලෙසටයි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනපති වශයෙන් තේරීපත්වූයේ වසර 6 ක ධුර කාලයක් සඳහා බවයි.

එසේ තිබියදී, ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5 ක් ගෙවුණු විගස ජනපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර, නාම යෝජනා පත්‍ර භාර ගැනීම ද ලබන 7 වනදා සිදුකිරීමට නියමිතව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එය නීතිවිරෝධි බැවින් ඒ සඳහා රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් තමන් මෙම පෙත්සම ගොනුකළ බවයි ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා සඳහන් කළේ.