දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි - ආරක්ෂාවට පොලිසිය

Thursday, 03 October 2019 - 18:31

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයට අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා තිබෙනවා.

එය මුද්‍රණය සඳහා මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බවයි මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එක් දුම්රියක් සඳහා පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ දුම්රිය ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු බැගින් යෙදවීමට අද පස්වරුවේ සිට පියවර ගත් බවයි.

මේ අතර අද පස්වරුවේත් දුම්රිය 19ක් ධාවනයට කටයුතු කළ බව දුම්රිය ගමනාගමන අධිකාරි වී.එස්. පොල්වත්තගේ සඳහන් කළා.