ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන නඩුවේ වැඩිදුර විභාගය හෙටට කල් තැබේ

Thursday, 03 October 2019 - 18:33

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේදී අද දෙවන දිනටත් සලකා බැලූණා.

ඒ අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

අද දිනයේදී වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් නීතිඥයින් කරුණු දැක්වූ අතර, එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම් විභාගය හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමටයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම දෙවන දිනට සළකා බැලීම අද පස්වරු 1ග30 ට ආරම්භ වුණා.

මෙම අවස්ථාව දැකගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු අදත් උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටියා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සළකා බැලීම ආරම්භ වුණා.

එහිදී මෙම නඩුවේ තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින අභ්‍යන්තර හා ස්වේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චානකද සිල්වා කරුණු දැක්වූවා.

ජනාධිපති නීතීඥ චානකද සිල්වා එහිදී සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන වගන්තිය අනුව ජනාධිපතිවරයාට රජයේ ප්‍රධානියා ලෙස විධායක බලතල පැවතියත් ඔහු කැබිනට් මණ්ඩලයට හා සාමුහික වගකීමකට බැදී පවතින බවයි.

එම නිසා කැබිනට් මණ්ඩලය පත් කර නොමැති අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි සහතිකයට අත්සන් තැබීමට එවක ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂට බලයක් නොමැති බව මෙහිදී ජනාධිපති නීතීඥ චානකද සිල්වා පෙන්වා දුන්නා.

ඔහු සදහන් කළේ හදිසි අවස්ථාවක් නොවනල අමාත්‍යවරයෙකු පත්කර නොමැති අවස්ථාවක මහජන සේවා කටයුතු සම්බන්ධයෙන් විධායක බලතල භාවිත කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.

අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා පත්කරන තුරු ජනාධිපතිවරයාට කිසිවක් කිරීමේ හැකියාවක් නොමැතිද යන්න මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විමසා සිටියා.

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි සහතිකයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අයදුම්පතට අදාළව පවත්වාගෙන යන ලෙජරයේ ඇති ලිපින එකිනෙකට පරස්පර බව එහිදී ජනාධිපති නීතීඥ චානකද සිල්වා වැඩිදුරටත් සදහන් කළා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති ලෙජර් සටහනේ මිරිහානේ ලිපිනයක් දැක්වුණද පුරවැසි සහතිකයේ ඇත්තේ හම්බන්තොටල  මැදමුලන ප්‍රදේශයේ ලිපිනයක් බවයි මෙහිදී ජනාධිපති නීතීඥ චානකද සිල්වා පෙන්වා දුන්නේ.

මේ බව අධිකරණයට ප්‍රකාශ කරන්නයැයි තම සේවාදායකයාවන අමාත්‍ය වජිර අබේවර්ධන දැනුම් දුන් බවද ජනාධිපති නීතීඥවරයා මෙහිදී පැවසුවා.

ඊට විරෝධය දක්වමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන සදහන් කළේ සේවාදායකයා පැවසූ බව සදහන් කරමින් සෑම දෙයක්ම අධිකරණයට පැවසිය නොහැකි බවයි.

එසේ සිදුකරන්නේ නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් එම කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබිය යුතු බව ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන සදහන් කළා.

යළි කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ චානකද සිල්වා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි සහතිකය සඳහා යොමු කළ අයදුම්පතේ අංකයක් සඳහන් නොවන බවයි.

එහිදී ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඊට විරෝධය දක්වමින් එම කරුණ සම්බන්ධයෙන් කාලය නාස්ති කිරීම අවශ්‍ය නොවන බවත් පුරවැසි සහතිකයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් විරෝධයක් ඇත්නම් එය දිස්ත්‍රික් අධිකරණයක් හරහා විසඳා ගත යුතු බවත් සඳහන් කළා.

එසේම මෙහිදී තර්ක කළ යුත්තේ පෙත්සම තුළින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය පිළිබඳ පමණක් බව ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන පෙන්වා දුන්නා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර බැවින් ජනාධිපතිවරයාගේ විධායක බලතලද එහි ලිඛිතව දක්වා තිබිය යුතු බව ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඊට පිළිතුරු ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වුවද සියල්ලට ඉහළින් මහජනතාවගේ බලය පවතින බවයි.

1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළින් මහජනතාවගේ පරමාධිපත්‍ය බලය තෝරාගන්නා ලද විධායක ජනාධිපතිවරයාට පැවරූ බැවින් අමාත්‍යවරුන් පත්කිරීම, විෂයන් බෙදාදීමේ බලය මෙන්ම තමාටද අමාත්‍යධුර තබාගැනීමේ බලය ද එවකට ජනාධිපතිවරයාට පැවති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙහිදී සඳහන් කළා.

ඒ අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා තම මතය අධිකරණය හමුවේ තහවුරු කරමින් සඳහන් කළේ 2005 වසරේ නොවැම්බර් 21 වන දින ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි සහතිකයට අත්සන් තැබීමේ හැකියාව එවකට විධායක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂට පැවති බවයි.

එසේම ප්‍රශ්න ගත දිනය තුළදී තම සේවාදායකයාට අමතරව තවත් 20 දෙනකුගේ පුරවැසි සහතික සඳහා එවකට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදී ප්‍රශ්න කළේ එදින පුරවැසි සහතික ලබාගත් අනෙකුත් පුද්ගලයන් ද මෙරට පුරවැසියන් ලෙස නොසලකන්නේද යන්නයි.

එසේම පෙත්සමේ 3 වන වගඋත්තරකරු වන අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගේ නම ඉදිරිපිට ගරු යන වචනය යොදා තිබුණද මෙරට දෙවරක් විධායක ජනාධිපති ධුරය දෑරෑ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නම ඉදිරියේ එවැනි ගරු කිරීමක් සඳහන් නොවන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එහිදී අධිකරණ ශාලාව තුළ සිටි පිරිසගෙන් ලැබුණු සිනහවට ප්‍රතිචාර දැක්වූ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ කියා සිටියේ මහින්ද රාජපක්ෂට ගරු යන වචනය භාවිතා නොකිරීම හාස්‍යයට කරුණක් නොවන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමීපයේ සිටින මෙම  පෙත්සම්කරුවන් දේශපාලනික වශයෙන් ද්වේශ සහගත චේතනාවකින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වන බව  ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා එහිදී සඳහන් කළා.

පෙත්සම යළි සලකා බැලීම හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබුණා.