නායකයා ඉදිරියටත් රනිල් - එජාප සම්මේලනයේදී යෝජනාව සම්මතයි

Thursday, 03 October 2019 - 19:22

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කිරීම ඇතුළු යෝජනා 6ක් අද පැවති එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයට ඉදිරිපත් කර සම්මත කර ගැණුනා.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම ද, එහිදී ස්ථිර කර ගත්තා.

පරිවර්තනයක ඇරඹුම යන්න තේමා කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මෙම විශේෂ මහා සම්මේලනය පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීයි.

සම්මේලනයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව, ආණ්ඩුවට සහය දක්වන සෙසු පක්ෂ නායකයින් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුර්දීන්, මනෝ ගනේෂන් ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද එක්ව සිටියා.

එහිදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම සම්මේලනයට යෝජනා කළා.

එමෙන්ම, එම යෝජනාවට අමතරව, දෙවන යෝජනාව ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අනුමත කරන ලද බලය බෙදා හැරීම, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සහ අගමැතිවරයාගේ එකගතාවය මත ක්‍රියාත්මක විධායක ජනාධිපති ධුරය ආදී ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමයි.

මීට අමතරව, පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් නායක ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ පත් කිරීමට ගත් තීරණය ද තුන්වන යෝජනාව ලෙස අද පැවති පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කරනු ලැබුවා.



දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More