තැපැල් ඡන්දයට අයදුම් කිරීමේ කාලය, අද මැදියම් රැයෙන් අවසන්

Friday, 04 October 2019 - 7:28

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

එම කාලය පසුගිය මස 30 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණද පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදුවූ අපහසුතා සැලකිල්ලට ගනිමිනුයි අද දිනය දක්වා දීර්ඝ කරනු ලැබුවේ.

 අනුව අද මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒ සඳහා අයදුම් කරන ලෙසට මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

කිසිදු හේතුවක් මත මෙම දිනය යළි දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේ.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට අපේක්ෂකයින් 21 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

පිළිගත් දේශපාලන පක්ෂ 11 ක්, වෙනත් දේශපාලන පක්ෂයකින් සහ ස්වාධීන අපේක්ෂකයින් 09 දෙනෙකු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අනිද්දා දහවල් 12 ට අවසන් වනවා.

ඒ අනුව එළැඹෙන 07 වැනි සඳුඳා ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා කැඳවීමට නියමිතයි.