අදත් බොහෝ ප්‍රදේශවලට වැසි

Friday, 04 October 2019 - 7:31

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලට මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, මාතර - අකුරැස්ස - කැකිරිකන්ද නායයෑමෙන් නිවාස 03 ක් සහ වෙළඳසැල් දෙකකට හානි සිදුව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමඟ මෙම නායයෑම සිදුව ඇති අතර, එමඟින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

කෙසේ වෙතත්, නායයෑමෙන් අවතැන් වූ පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.