ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන නඩුව අද 03 වන දිනටත්

Friday, 04 October 2019 - 7:32

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+03+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේදී අද තුන්වන දිනටත් සලකා බැලීමට නියමිතයි.

ඒ අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

ඊයේ දිනයේදී වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් නීතිඥයින් කරුණු දැක්වූ අතර, එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම් විභාගය අද පෙරවරු 9.30 දක්වා කල් තැබීමටයි.

තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වෙනුවෙන් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඊයේ දිනයේදී අදාළ කරුණු දැක්වීම් සිදුවුණා.