නිදහස් පක්ෂ නියෝජිතයන් පැය එකහමාරක් සාකච්ඡාවේ

Friday, 04 October 2019 - 7:50

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අතර, ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී ලකුණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කතාබහට ලක්වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට හැකි වී නැහැ. එහෙත් ඉදිරියේදී මැතිවරණයට මුහුණදෙන ආකාරය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පැය එකහමාරකට ආසන්න කාලයක් සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සහ නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න එම සාකච්ඡාවට එක්වුණා.

එමෙන්ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් ඊයේ යොමුකර තිබුණා.

ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් තීරණය ලබන 5 වනදා පැවැත්වෙන නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර තමන්ට දැනුම් දෙන ලෙසයි එම ලිපියෙන් දක්වා ඇත්තේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන්ගේ මතය විමසීම සඳහායි.