ඩෙංගු යළි හිස ඔසවයි

Friday, 04 October 2019 - 7:52

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%94%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පවතින මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි වෛද්‍ය අරුණ ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බවයි.

එය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමක් බවයි වෛද්‍ය අරුණ ජයසේකර වැඩිදුරටත් කියා සිටියේ.