උඩුදුම්බරදී බීමත් පුතුගේ පහරදීමෙන් පියා සහ නැන්දණිය මරුට

Friday, 04 October 2019 - 8:04

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
උඩුදුම්බර - කහටලියද්ද ප්‍රදේශයේ බීමත් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඔහුගේ පියා සහ බිරිඳගේ මව ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රී මොහු සිය බිරිඳ සමඟ ඇති කර ගත් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එය සමථයකට පත් කිරීමට පැමිණි සැකකරුගේ 53 හැවිරිදි පියාට සහ බිරිඳගේ 45 හැවිරිදි මවට මෙන්ම බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී බරපතල තුවාල ලැබූ සැකකරුගේ පියා සහ බිරිඳ මව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

පහරකෑමට ලක්වූ බිරිඳ උඩුදුම්බර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, මහඔය - වාගස්පිටිය ප්‍රදේශයේ වගා භූමියක වන අලින්ට ඇද තිබූ විදුලි රැහැනක ගැටී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 30 සහ 45 හැවිරිදි වියේ පසුවන්නන් දෙදෙනෙක්.