කෝටියකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට - (ඡායාරූප)

Friday, 04 October 2019 - 8:42

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රුපියල් එක්කෝටි හත්ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම චෙන්නායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, ලාල් වීරකෝන් කියා සිටියේ.

කිලෝ එකයි ග්‍රෑම් 70ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය සැකකරු සිය ගමන් මල්ලේ සඟවාගෙන මෙරටට පැමිණ තිබෙනවා.

53 හැවිරිදි වියේ පසුවන මොහු රදවාගෙන ප්‍රශ්න කරන බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.