නීතිවිරෝධීව අලි පැටවෙකු ළඟ තබා ගත් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Friday, 04 October 2019 - 11:16

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධීව අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 06 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා.

ඒ, ඊට අදාළ නඩුව විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා පැමිණිල්ලේ සිතාසිකරුවන්ට සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා මෙහිදී නියෝග කළා.

එමෙන්ම, හිටපු විනිසුරු තිළිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් 04 දෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More