දුම්රිය වෘත්තීය සමිති විශේෂ සාකච්ඡාවක

Friday, 04 October 2019 - 12:36

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ වර්ජනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති අතර මේ වන විට කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.   

අදාළ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අණ පරිදි ඊයේ රාත්‍රියේ නිකුත් කරනු ලැබුව ද, වැටුප් විෂමතා ගැටළු මුල් කරගෙන දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද 9 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව, සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු කවරාකාරයෙන් වූ සේවාවන් සඳහා ශ්‍රමය සැපයීම සිදුකළ යුතු බවයි.  

දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත්කිරීමටද මීට පෙර කැබිනට් අනුමැතිය හිමිවුණා.

එසේම, අසනීප නිවාඩු වාර්තා නොකර සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය හැරගියා සේ සලකන බවටද රජය මීට පෙර දැනුම් දුන්නා.

මෙවන් පසුබිමක දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමටද  පියවර ගත්තා.

පවතින තත්ත්වය හමුවේ අද පෙරවරුවේ කාර්යාල දුම්රිය 20කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණා.