අරලගංවිල අනතුරකින් පුද්ගලයෙකු මරුට

Friday, 04 October 2019 - 13:04

%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අරලගංවිල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මගුල්දමන සිට මනම්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ ගැසක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතල තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමේදී 39 හැවිරිදි පැදිකරු ජීවිතක්ෂයට පත්වුණා.

පසුපැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.