එඬරු ඇට ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ

Friday, 04 October 2019 - 14:03

%E0%B6%91%E0%B6%AC%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%A7+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නෙළුම් ඇට බව සිතා තෙල් එඬරු ඇට ආහාරයට ගත් පදවිය - මහසෙන් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දෙවන වසරේ සිසු සිසුවියන් 18 දෙනෙකු පදවිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් 15 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ඊයේ පස්වරුවේ මෙම දරුවන් තම නිවෙස්වලදී වමනය කිරීම හේතුවෙන් ඒ පිළිබඳව දෙමව්පියන් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී එක් සිසුවෙකු ගණිත ක්‍රියාකාරකමක් සඳහා පන්තියට රැගෙන ආ මෙම එඬරු ඇට නෙලුම් ඇට යැයි සිතා තමන් ආහාරයට ගත් බව ඔවුන් පවසා ඇති අතර, අනතුරුවයි සිසුන් රෝහල් ගත කර ඇත්තේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව අනුරාධපුර රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා.