විදුලිසැර වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

Friday, 04 October 2019 - 14:45

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අම්පාර මහඔය වාගස්පිටිය ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ සවස ඔවුන් ගවයන් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී මෙලෙස විදුලිසැර වැදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රදේශයේ ගොවීන් තම බඩ ඉරිගු වගාවන්වල ආරක්ෂාවට යොදා ඇති අලි වැටකින් මෙම පුද්ගලයන්ට විදුලිසැර වැදී ඇතැයි සඳහන්.

මියගොස් ඇත්තේ වාගස්පිටිය ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

සිද්ධිය පිළිබඳ මහඔය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.