11 හැවිරිදි සොහොයුරියට පහරදුන් සොහොයුරෙකු රරිමාන්ඩ්

Friday, 04 October 2019 - 15:22

11+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
11 හැවිරිදි තම නැගණියට පහරදී තුවාල සිදුකළ 21 හැවිරිදි තරුණයෙකු මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබෙනවා.

සැකකරු ඉමදූව - පරගොඩ ප්‍රදේශයේ පදිංචි විවාහක තරුණයෙක්.

පහරකෑමට ලක්වූ ඔහුගේ නැගණිය 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර පාසලේ පන්ති භාර ගුරුතුමිය, ඇයගේ පාදවල තිබූ තුවාල දැක ඒ පිළිබඳ විමසීමේදීයි තම සොහොයුරා පහරදුන් බව පවසා ඇත්තේ.

ඒ අනුව ඉමදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන අංශය හරහා ගුරුතුමිය පොලීසියට කළ දැනුම්දීම් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.