පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්දට විදෙස් ගමන් තහනමක්

Friday, 04 October 2019 - 15:22

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට මේ මස 15 වනදා සිට විදෙස් ගමන් තහනම් කරමින් බස්නාහිර පළාත්බද දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

ඒ කැරම් බෝඞ් සහ ක්‍රීඩා උපකරණ, දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව යටතේ වන නඩුව ආර්.ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් මෙම විදෙස් ගමන් තහනම පැනවූ අතර යළි එම නඩුව දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියමිතයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 4 කට අධික කැරම් බෝඞ් සහ ක්‍රීඩා උපකරණ දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම ඇතුළු අධි චෝදනා 3 ක් යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.