ලිට්රෝ ගෑස් මිල අඩුවෙයි

Friday, 04 October 2019 - 16:26

%E0%B6%BD%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%BB%E0%B7%9D+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240කින් පහත දමන බව ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළා.

එසේම, කොළඹ දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවල ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 251 කින් අඩු වන බවයි එම සමාගම සඳහන් කළේ.  

ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව මෙලෙස ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1493 ක් වනු ඇති.

එසේම, කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 598 ක් දක්වා අඩු වන අතර, කිලෝග්‍රෑම් 2 යි දශම 3 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 289 ක් බවයි ලිට්රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.