ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

Friday, 04 October 2019 - 18:18

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණ අද නිශ්ප්‍රභ කළා.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ඒකමතිකව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම පෙත්සමට අදාළව අතුරු තහනමක්ද නිකුත් නොකරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම අද විභාගයට ගැනුණේ දැඩි ආරක්ෂාවක් සහිතවයි.

මීට අදාළව උපරිමාධිකරණ සංකීර්ණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබුණා.

පෙරවරු 9.30 ට පෙත්සම සළකා බැලීම සිදු කෙරුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

මෙම පෙත්සම ගොනුකර තිබුණේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන්.

අද දින පෙත්සම සලකා බැලීම ආරම්භ කළ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම පෙත්සමෙහි 6වන වගඋත්තරකරු වන මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් කිරීම, හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ ලෙස සංශෝධනය කළ බවයි.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර පාර්ශ්වය අදාළ විෂය භාර අමාත්‍යංශයට 2005 නොවැම්බර් මස 18 දින වන විට ලේකම්වරයෙකු පත්කර නොසිටි බව පැවසුවද ඒ වන විට එම අමාත්‍යංශයේ
ලේකම්වරයෙකු සිට ඇති බවයි.

කෙසේ නමුත් අදාළ ලේඛනයට අත්සන් තැබීමට ලේකම්වරයෙකු අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ 2005 නොවැම්බර් මස 19 වන දින විධායක ජනාධිපති ධුරයෙහි මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමත් සමග එම ලේඛනයට අත්සන් තැබීමේ බලය ඔහු සතුව පැවති බවයි.

එබැවින් විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සහතික කිරීමේ ලියවිල්ලට අත්සන් තැබීම වංචාසහගත ක්‍රියාවක් බවට පෙත්සම්කරුවන් පවසන්නේ කෙසේද යන්න ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදි ප්‍රශ්න කර සිටියා.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තැබු දිනම තවත් පුද්ගලයින් 20 දෙනෙකුගේ පුරවැසි සහතිකයන්ට අත්සන් තබා ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම පිරිස මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර නොමැතිවීම
කෙරෙහිද සිය අප්‍රසාදය පළ කළා.

මෙරට පුද්ගලයෙකුට උපතින්ම හෝල ලියාපදිංචි කිරිමෙන් පුරවැසි භාවය ලබාගත හැකි බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

අනතුරුව මෙම පෙත්සමෙහි 06 වන වගඋත්තරකරුවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා මධ්‍යහ්න 12ට පමණ සිය කරුණු දැක්වීම ආරම්භ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ 01 වගන්තියට අනුව විධායක ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය පත්කිරිමේ බලය මෙන්ම විෂයන් බෙදාදීමේ බලයද ඇතිබව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ වරයා අමාත්‍යවරයෙකුට ලබාදෙන තුරු විෂයන් තමා භාරයේ තබා ගැනිමේ හැකියාවක් විධායක ජනාධිපතිවරයාට ඇති බවද පෙන්වා දුන්නා.

ඒ අනුව එවක විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට අත්සන් තබා ඇත්තේ එම බලතල ප්‍රකාරව බව වැඩිදුරටත් සඳහන් කළා.

ඉන් අනතුරුව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥයින් දැක්වූ කරුණු වෙනුවෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පිළිතුරු දුන්නා.

ඔහු එහිදී කියා සිටියේ ජනාධිපතිවරයාට විධායක බලතල පැවතියද ඔහු විධායකයේ තනි බලධාරීයා නොවන අතරල කැබිනට් මණ්ඩලය හා සාමුහික වගකීමක් පවතින බවයි.

තර්කයක් මතු කරමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීමට පුරවැසියෙකු විය යුතු බව නීතියේ සඳහන් නොවන බවයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේදීද ඒ හා සමාන තත්ත්වයක් පැවති බව නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ සිටි පිරිසගෙන් මතු වූයේ සිනහවක්.

ඒ සමඟ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම අවසන් කෙරුණා.

අභියාචනාධිකරණයේ 301 ශාලාවේදී තීන්දු ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම නිශ්ප්‍රභ කරන බවයි.

අදාළ තීන්දුව විනිසුරු මඩුල්ලලේ ඒකමතික තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සදහන් කළේ පෙත්සමට අදාළව අතුරු තහනමක් ද නිකුත් නොකරන බවයි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස මාධ්‍ය වෙත අදහස් පලකළා.

මේ අතර අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක කාර්යාලයේ රැදී සිටි අතර අධිකරණ තීන්දුව සැලවීමත් සමග ඔහු සිය සතුට පළ කළා.

මේ අතර අදාළ තීන්දුවත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වා සිය සතුට පළ කළා.
 
අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී පක්ෂ නායක හමුවක් පැවැත්වුණු අතරල ඊට ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියා.

එහිදී ඔවුන් සිය සතුට සැමරුවා.