ජනාධිපතිවරණය ගැන, නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව අද

Saturday, 05 October 2019 - 7:28

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7 ට කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙනු ඇති බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව මෙහිදී අවසන් තීන්දුවකට එළඹීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හට නිදහස් පක්ෂයේ සහය ලබාදෙන්නේ ද නැද්ද යන්න සහ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුවට අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී එළඹීමට නියමිතයි.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ පැවැත්වුණා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදීයි.