වර්ජනය අත්හිටුවීමට, දුම්රිය වෘත්තීය සමිති වලින් කොළ එළියක්

Saturday, 05 October 2019 - 7:44

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ද, දුම්රිය වර්ජනය අද 10 වන දිනටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

කෙසේ වෙතත්, ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් ප්‍රකාශ කළේ දේශපාලන මැදිහත්වීමකින් සාකච්ඡාවක් ලබා දෙන්නේ නම් වර්ජනය අවසන් කිරීමට සූදානම් බවයි.

මේ අතර, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ඊයේ වර්ජනයේ නිරත සේවකයින්ට දැනුම් දුන්නේ වහාම සේවයට වාර්තා කරන ලෙසයි.

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් පෙරේදා රාත්‍රියේ නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු කවරාකාරයෙන් වූ සේවාවන් සඳහා ශ්‍රමය සැපයීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත්කිරීමටද මීට පෙර කැබිනට් අනුමැතිය හිමි වූ අතර, අසනීප නිවාඩු වාර්තා නොකර සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය හැරගියා සේ සලකන බවටද රජය මීට පෙර දැනුම් දුන්නා.