එස්.බී - ඩිලාන් - යාපාට, නිදහස් පක්ෂයෙන් කැඳවීමක්

Saturday, 05 October 2019 - 12:57

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93+-+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අද දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද පෙරවරු 11.30, දහවල් 12.30 සහ දහවල් 1.30 යන වේලාවන්හිදි ඔවුන් මෙලෙස කැඳවා ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම හේතුවෙන් මොවුන්ට නිදහස් පක්ෂ විනය කමිටුව හමුවේ කරුණු දක්වන ලෙස පසුගියදා ලිපි මගින් දැනුම්දී තිබුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අත්‍යාවශ්‍ය රාජකාරි කටයුතු කිහිපයක් හේතුවෙන් තමන්ට අද දිනයේදී විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි.

එසේම, ඒ.එච්.එම්. ෆවුසි සහ විජිත් විජයමුණ සොයිසාටද වෙනත් පක්ෂවලට සහය දැක්විම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට නිදහස් පක්ෂය මීට පෙර ලිපි යොමු කර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරුවේ පැවැත්වෙනවා.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 8 ට පමණ කොළඹ ජනාධිපති නිල නිවසේදී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව මෙහිදී අවසන් තීන්දුවකට එළඹීමට නියමිතයි.