වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් 3000 කට සේවය අහිමිවීමේ අවදානමක් - වෘත්තීය සමිති හෙළිකරයි

Saturday, 05 October 2019 - 19:15

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3000+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් 3000 ක් පමණ සේවයෙන් ඉවත් කිරීමේ අවදානමක සිටින බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

කෙසේ වෙතත්, වැටුප් විෂමතා මුල් කරගෙන මෙම දුම්රිය වර්ජනය අද 10 වන දිනටත් ක්‍රියාත්මකයි.

අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක වූ අතර පස්වරුවේ දුම්රිය 8 ක් ධාවනය කෙරුණා. සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මර්දනය කිරීම සඳහා රජය විවිධ උපක්‍රම සිදුකළ ද, තමන් ක්‍රියාත්මක කරන වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

එම මාධ්‍ය හමුවට එක්වූ දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ සිය ගැටලූ සම්බන්ධයෙන්  ඕනෑම අවස්ථාවකදී බලධාරින් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

මේ වනවිටත් වර්ජනයේ නිරත සේවකයන් පිරිසකට සේවයෙන් ඉවත් කිරීමේ ලිපි ලැබී ඇති බව ඔහු සඳහන් කළා.