නිදහස් පක්ෂයේ තීරණය ගැනීමේ බලය ජනපතිට - තීන්දුව තව පැය කිහිපයකින්

Sunday, 06 October 2019 - 7:59

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට  ඊයේ රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී ආරම්භ වූයේ ඊයේ රාත්‍රී 8.30 ට පමණයි.

එහිදී පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුවයි තීන්දුව ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට තීරණය වී ඇත්තේ.

ජනාධිපතිවරයා සිය තීන්දුව අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.