පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනාවට අත්සන් තබයි

Sunday, 06 October 2019 - 9:54

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා.

පෙරවරු 9.46 ට ගෝඨාභය රාජපක්ෂ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේ මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේදියි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල්  රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රභූවරුන් රැසක් එක්ව සිටියා.

නාමයෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට පෙර මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනාවක්ද සිදුකළා.

මේ අතර ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්.අතාවුල්ලා අද ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කළා.

ඒ නාමයෝජනා පත්‍රයට අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.