ජනාධිපතිවරණය ගැන නිදහස් පක්ෂයේ තීන්දුව කල් යයි

Sunday, 06 October 2019 - 12:33

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද ප්‍රකාශයට පත් නොකරන බව නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.

එම තීරණය ගැනීමට පෙර නිදහස් පක්ෂය තුළ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ඉන් පසු අදාළ තීරණය ඉදිරි දිනකදී දැනුම්දීමට කටයුතු කරන බව නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර වැඩිදුරටත් කියා සිටියා.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමටයි  ඊයේ රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේ.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව ඇති බවට වාර්තාවනවා.

එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් සාධනීය කරුණු රැසක් සැළකිල්ලට ගෙන තිබෙනවා.