ආසියාකරයේ පැරණිම ක්‍ෂුද්‍ර ගල් මෙවලම් පාහියන්ගල ලෙනෙන්

Sunday, 06 October 2019 - 12:39

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පාහියංගල ලෙන්වලින් හමුවූ ප්‍රාග් ඓතිහාසික යුගයේ ක්‍ෂුද්‍ර ශිලා අවි, ආසියාකරයේ මානව වර්ගයා නිමවු පැරණිම මෙවලම් බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් මානව ඉතිහාස විද්‍යා ආයතනයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ මෙම අධ්‍යනයෙන් අනාවරණ වී ඇත්තේ එය ලොව පුරා  ඕනෑම වැසි වනාන්තර පරිසරයකින් හමුවූ පැරණිතම මානව මෙවලම් බවයි.

චීන බෞද්ධ භික්ෂුවක් වන ෆාහියන් හිමියන් ගවේෂනය කළ පාහියන්ගල ලෙනෙන් හමුවූ මෙම මෙවලම් වසර 45,000 ක් පමණ පැරණි බව අනාවරණ වී තිබෙනවා.

දකුණු ආසියාවේ පැරණිතම මානව ලෙන් ද ශ්‍රී ලංකාවෙන් හමුවන බවයි ජර්මානු පර්යේෂණායතනය පෙන්වා දෙන්නේ.

පාහියන්ගල ලෙනෙන් හමුවූ ක්‍ෂුද්‍ර ගල් මෙවලම්වලින් හෙළිවන තවත් කරුණක් වන්නේ හෝමෝසේපියන් මානවයා ලොව පුරා පැතිරීමේදී එක් එක් පරිසරයන්ට අනුවර්තනය වීම සඳහා මෙවැනි මෙවලම් නිර්මාණය කර ඇති බවයි.

යුරෝපයේ සහ අප්‍රිකාවේ මානව වර්ගයාගේ ව්‍යාප්තිය පැරණිතම මිනිස් සංක්‍රමණය ලෙසයි මීට පෙර විශ්වාස කෙරුණේ.

එහෙත් වැසි වනාන්තර මිනිස් වර්ගයාගේ ප්‍රචාරණයට බාධාවක් ලෙස ඇතැම් මානව විද්‍යාඥයන් විශ්වාස කළා.

මෙලෙස වැසි වනාන්තර පරිසරයක පිහිටි පාහියන්ගල ලෙනෙන් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් හමුවීම තුළින් එම තර්කයද බිඳ වැටෙන බව මැක්ස් ප්ලාන්ක් ආයතනයේ පර්යේෂනයට එක්වු මානව විද්‍යාඥ ඔෂාන් වෙදගේ පෙන්වා දෙනවා.