ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීම පෙරවරු 9 සිට - රාජගිරිය අවට විශේෂ රථ වාහන සැලස්මක්

Monday, 07 October 2019 - 7:12

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94+9+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද සිදුකෙරෙනවා.

පෙරවරු 9 සිට 11 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

පෙරවරු 9 සිට 11.30 දක්වා නාම යෝජනාවලට අදාළ විරෝධතා ඉදිරිපත් කළ හැකියි.

2019 ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, වෙනත් දේශපාලන පක්ෂ 03 කින් සහ ස්වාධීන කණ්ඩායම් 19කින් අපේක්ෂකයන් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් වුණා.

එමෙන්ම අද දිනයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාශ 3 ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 3 ක් වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව, කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාශවල සියලුම පාසල් සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ හේවාවිතාරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ද මෙලෙස වසා තැබෙනු ඇති.

මේ අතර, නාම යෝජනා භාර ගැනීම සිදුකෙරෙන අද දින පෙරවරු 6 සිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රය අවට විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 500ක පිරිසක් යොදවා ඇති අතර, ආරක්ෂක හා සෝදිසි කිරීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද තෝරා ගත් ස්ථාන කිහිපයක යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.