ජනපතිවරණයට ඇප බැන්දැයි සිවාජිට එරෙහිව, ටෙලෝ සංවිධානයෙන් පරීක්ෂණයක්

Monday, 07 October 2019 - 8:01

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B6%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%2C+%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%9D+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් උතුර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකිරීමට දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය තීරණය කර තිබෙනවා.

ටෙලෝ සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඊයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සඳහන් කළේ පක්ෂයේ තීරණවලට පිටින් ගොස් ඔහු මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි. ටෙලෝ සංවිධානයේ කිසිවෙකුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති මොහොතක මොහු ඉදිරිපත්වීම පක්ෂයේ විනය කඩ කිරීමක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ටෙලෝ සංවිධානයේ සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ පක්ෂයෙන් ඉවත් වී තමන් ස්වාධීනව ජනාධිපතිවරණයට තරඟ කරන බවයි.