Update : 2019 ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීම අවසන්

Monday, 07 October 2019 - 8:37

Update+%3A+2019+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
2019 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට හිමිව තිබූ කාළය පෙරවරු 11.00ට අවසන් වූවා.

ඒ අනුව මේ වනවිට අපේක්ෂකයන් 35 දෙනෙක් නාමයෝජනා භාරදී ඇති අතර විරෝධතා දැක්වීමට 11.30 දක්වා කාලය හිමිවවනවා.

මේ අතර ඇප මුදල් තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ නාමයෝජනා භාර නොදෙන බව දැනුම්දී තිබෙනවා


Update :

නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නාමයෝජනා භාරදෙනු ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනා භාර දෙනු ලැබුවේ පෙරවරු 10.16 ටයි.  

මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ද සිය නාමයෝජනා භාරදුන් බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ.

මේ වනවිට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 35 ක පමණ අපේක්ෂකයන් පිරිසක් සිය නාමයෝජනා පත්‍ර භාර දී අවසන්.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ මේ වනවිට විරෝධතා දෙකක් ඉදිරිපත්ව ඇති බවයි. 



Update :

නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිසන් සභාවේදී මේ වනවිට සිදු කෙරෙනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක නාම යෝජනා භාර දී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණ තිබෙනවා. 

මේ වනවිට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 35 ක අපේක්ෂකයන් සිය නාමයෝජනා පත්‍ර භාර දී අවසන්.

පෙරවරු 11 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවන අතර පෙරවරු 11.30 දක්වා  විරෝධතා ගොනු කළ හැකියි.


Update :

සිරිතුංග ජයසූරිය, බත්තරමුල්ලේ සීලරතන හිමි , ජයන්ත කැටගොඩ, ඒ.එස්.පී. ලියනගේ ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

-----------------------------------------------------------------------------

2019 ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමේ කටයුතු මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී ඇරඹුනා.

ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් නාම යෝජනා භාරදීම සඳහා රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටිනවා.



Update :

නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද සිදුකෙරෙනවා.

පෙරවරු 9 සිට 11 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

පෙරවරු 9 සිට 11.30 දක්වා නාම යෝජනාවලට අදාළ විරෝධතා ඉදිරිපත් කළ හැකියි.

නාම යෝජනා භාර දීම සඳහා මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රය අවට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා.



2019 ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, වෙනත් දේශපාලන පක්ෂ 03 කින් සහ ස්වාධීන කණ්ඩායම් 19කින් අපේක්ෂකයන් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් වුණා.

මේ අතර, නාම යෝජනා භාර ගැනීම සිදුකෙරෙන අද දින පෙරවරු 6 සිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රය අවට විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 500ක පිරිසක් යොදවා ඇති අතර, ආරක්ෂක හා සෝදිසි කිරීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද තෝරා ගත් ස්ථාන කිහිපයක යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.