ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන්

Monday, 07 October 2019 - 9:26

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
සිරිතුංග ජයසූරිය, බත්තරමුල්ලේ සීලරතන හිමි , ජයන්ත කැටගොඩ, ඒ.එස්.පී. ලියනගේ ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

අනුරුද්ධ පොල්ගම්පල, එම්. කේ සිවජලිංගම්, අශෝක වඩිගමන්ගාව, වජිරපානි සිරිවර්ධන ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබල වේගය වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

අපේක්ෂකයන් 35 දෙනෙකු මේ වන විට මැතිවරණ කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පියසිරි විජේනායක, එම්. ඒ. එල් හිස්බුල්ලා ස්වාධින අපේක්ෂකයන ලෙස ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

මහාචාර්ය රජිව් විජේසිංහ, පි. එදිරිසිංහ යන මහත්වරුන් ස්වාධින අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

තවත් අපේක්ෂකයන් තිදෙනෙක් ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාරදීමට නියමිතයි.

නව සමසමාජ පක්ෂය වෙනුවෙන් නන්දිමිත්‍ර මහතාද, ජාතික සමඟි පෙරමුණ වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දුමින්ද නාගමුව මහතාද, නව සිහල පෙරමුණ වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර, ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් රොහාන් පල්ලෙවත්ත මහතාද, ජාතික ජනතා පක්ෂය වෙනුවෙන් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා චමල් රාජපක්ෂ මහතා නාම යෝජනා භාර නොදෙන බව මැතිවරණ කොමිසමට ප්‍රකාශ කර තිබෙනවා.

ස්වාධින අපේක්ෂකයක ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටි කුමාර වෙල්ගම මෙතෙක් සිය නාම යෝජනාව භාර දීමට මැතිවරණ කොමිසම වෙත පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

අරියවංශ දිසානායක මහතා ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.