රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ්

Monday, 07 October 2019 - 11:02

%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+19+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා ලබන 21 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ජූලි 31 වනදා නවක වදයට ලක්වූ සිසුවා මාධ්‍ය හමුවක් කැඳවමින් මීට අදාළ කරුණු අනාවරණ කළ අතර, ඒ අනුව සැකකාර සිසුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අගෝස්තු මස 6 වනදායි.