නාමයෝජනා භාර ගැනීම අවසන් - ගෝඨාභය, සජිත්, අනුර ඇතුළු 35 දෙනාගේම නාමයෝජනා පිළිගනී - චමල්, වෙල්ගම සටනින් ඉවත් වේ

Monday, 07 October 2019 - 12:33

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+35+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළව අද භාරදුන් නාමයෝජනා පත්‍ර 35 ම පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළා.

නාමයෝජනා පත්‍ර දෙකකට විරෝධතා ගොනු කර තිබූ අතර, ඒවා ප්‍රතික්ෂේප කළ බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්වන අතර, මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත්වී ඇති වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවද මෙය වනවා.

ජනාධිපතිවරණයට අදාලව නාමයෝජනා භාර ගැනීම අද පෙරවරු 9ට ආරම්භ කෙරුණු අතර එය පෙරවරු 11 ට අවසන් වුණා. එමෙන්ම ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ගොණු කිරීමට පෙරවරු 11 යි 30 දක්වා අවස්ථාව හිමි වුණා.

ජනාධිපතිවරණයට අදාලව ඇප තැන්පත් කිරීම ඊයේ මධ්‍යහ්න 12න් අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, වෙනත් පක්ෂ 3 කින් සහ ස්වාධීන අපේක්ෂකයන් 19 කින් ඇප මුදල් තැන්පත් කර තිබුණා.