නිදහස් පක්ෂයේ තීරණය තවමත් නැහැ

Monday, 07 October 2019 - 12:58

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ නිදහස් පක්ෂයේ මතය අද රාත්‍රියේ හෝ හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේදිද පැවති බව වාර්තාවනවා.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.

එහිදී ජනාධිපතිවරණය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ නමුත් එහිදි ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නැහැ.