වගකීම ගැන මැතිවරණ කොමිසමේ සභාපති පහදයි

Monday, 07 October 2019 - 13:08

%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ආචාරධර්ම වලට අනුව කටයුතු කිරීම සියලු අපේක්ෂකයන්ගේ හා දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ වගකීමක් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව අපේක්ෂකයන් දැනුවත් කරමින්. මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ මෙවර ජනාධීපතිවරණයේදී මීට පෙර මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාවට වඩා දෙගුණයක විශාලත්වයෙන් යුත් පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදුවන බවයි.

එමෙන්ම නව ඡන්ද පෙට්ටි ආනයනය කිරීමට සිදුවන බවත්, ඔහු සඳහන් කළා.