හෙරොයින් කිලෝග්‍රෑම් 50 ක් සමඟ අතුරුගිරිය අධිවේගී පිවිසුමේදී දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 07 October 2019 - 13:14

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දොරටුව අසළදී රුපියල් කෝටි 5 ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සුදු පැහැති ජීප් රථයකින් පැමිණ ඇති අතර, එම වාහනය පිළිබඳව සැක සිතූ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශ නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදියි මේවා සොයාගෙන ඇත්තේ.

38 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් නුගේගොඩ - උඩහමුල්ල සහ බොරැල්ල - ස්වර්ණපාලි මාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා.