තහනම් සංවිධානයක ශ්‍රී ලාංකිකයින් 4ක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

Tuesday, 08 October 2019 - 6:50

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැක කරමින් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු බ්‍රිතාන්‍යයේ ලූටන් ගුවන් තොටුපළේදී එරට ත්‍රස්ත විමර්ශන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද සිටින බවයි.

ඔවුන් පසුගිය සති අන්තයේදී මෙලෙස බ්‍රිතාන්‍යය වෙත පැමිණ ඇති අතර, එරට ත්‍රස්ත මර්දන අණ පනත් යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වයස අවුරුදු 39, 35 සහ 41 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තුන් දෙනෙකු සහ 35 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.